Open top menu
Saturday, June 7, 2014
Microsoft Office-Word 2007

Microsoft Excel 2007

Microsoft Excel යනු වගු ලේඛණ සකස් කිරීමට භාවිතා කරන Application  Software 1කි.මෙය MS Office කට්ටලයේ සාමාජිකයෙකි.මෙහි ඇති functions භාවිතා කර ගණිතමය සුලු කිරිම් කිරීම හා ප්‍රස්ථාර සාදා ගත හැකිය.

Microsoft Excel ආරම්භ කිරීම.

Start 
——> All Programs ——> Microsoft Office ——> Microsoft Office Excel 2007































පහත ක්‍රම භාවිතා කරමින් Cell Pointer එක Worksheet එකෙහි එහා මෙහා ගෙන යා හැකිය.
  • Arrow keys - ඉහලට,පහලට,වමට හෝ දකුනට ගමන් කිරීමට
  • Ctrl + Right Arrow – දත්ත ඇති අවසාන Column වෙත
  • Ctrl + Left Arrow – දත්ත ඇති පලමු Column වෙත
  • Ctrl + Down Arrow – row දත්ත ඇති අවසාන row වෙත
  • Ctrl + up Arrow - row දත්ත ඇති පලමු row වෙත
  • Ctrl + Home - A1 cell වෙත
  • Ctrl + End - Sheet එකෙහි දත්ත ඇති අවසාන cell වෙත
  • Page Down - තිරයේ ප්‍රමාණය වරක් පහලට
  • Page Up - තිරයේ ප්‍රමාණය වරක් ඉහලට
  • Alt + Page Down - තිරයේ ප්‍රමාණය වරක් දකුනට 
  • Alt + Page up - තිරයේ ප්‍රමාණය වරක් වමට
  • Ctrl + Page Down - Workbook  එකෙහි සිටින sheet එකට පසුව ඇති sheet වෙත
  • Ctrl + Page Up – Workbook එකෙහි සිටින sheet එකට පෙර ඇති sheet වෙත
  • F5 - Cell address ලබා දෙමින් අවශ්‍ය ඕනෑම cell 1ක් වෙත යාමට

Data Entering and Editing

මෙහිදි ඇතුල් කරන දත්ත  Cells තුල ස්ථානගත වීමක් සිදුවන බැවින් යමක් type කිරීමට පෙර අවශ්‍ය Cell එකෙහි cell pointer තබා අවශ්‍ය දෙය type කල පසු enter කරන්න.
Cell 1ක් තුල ඇති යම් දත්තයක් වෙනස් කිරීමට ,අදාල cell එකෙහි cell pointer ගෙන යන්න.පසුව,

1.Formula bar මත click කිරීමෙන්
2.F2 Key භාවිතයෙන්
3.අදාල cell එක මත double click කිරීමෙන්

අවශ්‍ය දෙයක් වෙනස් කල පසු නැවත enter කරන්න.


Data Deleting

Cell එකක හෝ cell range 1ක් තුල අති දත්ත මැකීමට,අදල Cell හෝ cell range ‍තෝරා Delete Key Press කරන්න.
Edit——>Clear——>Formats - cell හෝ cell range 1ක් සතු Formattings පමනක් මක දැමිය හැකිය.
Edit——>Clear——>Contents - cell හෝ cell range 1ක් සතු Data  මකා  දැමිය හැකිය.
Edit——>Clear——>All - cell හෝ cell range 1ක් සතු Formattings සහ data මකා දැමිය හැකිය.


Selecting Cells

1.cell එකක් තෝරා ගැනීමට, එම cell මත click කරන්න.
2.cell range 1ක්තෝරා ගැනීමට.






Click and Drag







3.row එකක් හෝ column එකක්තෝරා ගැනීමට column name හෝ row number මත click කරන්න.



















4.විවිධ ස්ථානවල ඇති cells ‍තෝරා ගැනීමට Ctrl සමග අවශ්‍ය Cells මත click කරන්න.
















Copy, Cut and Paste

යම් තැනක ඇති text\number\formula එකක පිටපතක් වෙනත් තැනකට ලබා ගැනීමට copy භාවිතා කල හැකිය.cut or copy කරන ලද දෙයක් අවශ්‍ය ස්ථානයට ලබා ගැනීම සදහා paste කල යුතුයි.

Formatting Cells

Cell එකක් හෝ cell range ‍තෝරා ඒවා සතු නොයෙකුත් ගුනාංග වෙනස් කිරීම Format cells නමින් හැදින්වේ.මෙහිදී cell එකෙහි දත්ත වර්ග, එවා පිහිටන පැත්ත සහ fonts ආදිය වෙනස් කල හැකිය.

Fonts - (Home ——> Font)

Fonts, font size, font colour, සහ underline ඇතුලුව word හි දක්නට ලැබුනු effects කීපයක්ද වෙනස් කර ගැනීමේ හැකියාව මෙහි ඇත.
1. fonts වෙනස් කිරීමට 
2. font size වෙනස් කිරීමට
3. font size විශාල සහා කුඩා කිරීමට
4. පිලිවෙලින් Bold, Italic සහ underline කිරීමට
5. ‍තෝරා ගත් cells වලට shading apply කිරීමට
6. fonts වල colour වෙනස් කිරීමට
7. cells වටා border එකක් යෙදීමට අවස්ථාවන්තෝරා ගැනීමට.

Alignment - (Home ——>Alignment)

Cell එකක දත්තයන් පිහිටිය යුතු දිශාව/ පැත්ත වෙනස් කර ගැනීම,cell merge කිරීම ආදී කාර්යයන්කල හැකි වේ.







  1. සිරස් අතට center කිරීමට
  2. Text එකක් යම් ඇලයකට පිහි‍ටුවීමට
  3. Cell එකෙහි පළල වෙනස් නොකර කිරීමට
  4. තිරස් අතට Center කිරීමට
  5. Cell හි වමේ සිට එකට ඇති දුර අඩු/වැඩි කිරීමට
  6. Cell කිහිපයක් එක් කිරීමට

Number – (Home ——>Number)

සාමාන්‍ය සියලු දත්තයන්ටම ගැලපෙන ලෙස General Format අවස්ථාව ක්‍රියාත්මක වන අතර,අප ඇතුල් කිරීමට බලාපොරොත්තු වන දත්තයන්ට ගැලපෙන ආකාරයට Settings වෙනස්කල හැක.

  1. අවශ්‍ය Number Format එක ‍තෝරා ගැනීමට
  2. අවශ්‍ය මුදල් ඒකකයක් ‍තෝරා ගැනීමට
  3. දහසින් දහස වෙන් කිරීම සඳහා "," යෙදීමට
  4. දශම ස්ථාන ගණන අඩු හෝ වැඩි කිරීමට

Inserting Cells, Columns, Rows & Sheet


Worksheet එකකට අමතර Column එකක්, Row එකක් හෝ Workbook එක තුළ අමතර Worksheet එකක් ඇතුල් කරගැනීමට


Column හෝ Row අවශ්‍ය ස්ථානයේ Cell Pointer තබන්න.


Columns කීපයක් අවශ්‍ය නම් පළමුව අවශ්‍ය Columns ගණනට සමාන Columns ගණනක් Select කරන්න.පසුව Columns ඇතුල් කිරීමට අදාල විධානයක් ලබා දෙන්න.



Worksheet එකකට Cell එකක් ඇතුල් කිරීමට යාමේදී ලැබෙන Dialog box තුල දැක්වෙන Option එකක් ‍තෝරා ගන්න.





Deleting Cells, Columns, Rows & Sheet


Worksheet එකක් ඉවත් කිරීමට සහ එම Worksheet එකක ඇති Columns, Rows  හෝ Cells මැකිය හැක.ඒ සඳහා මැකීමට අවශ්‍ය Columns, Rows හෝ Cell එකෙහි Cell Pointer තබා අවශ්‍ය විධානය ‍තෝරා ගන්න.


Format

Columns සහ Rows වල පළල සහ උස වෙනස් කිරීමටත්,ඒවා සැගවීම සහ නැවත ලබා ගැනීමටත්,Worksheet වල යම් යම් වෙනස්කම් කිරීමටත්,Format තුලින් අවශ්‍ය විධානය ‍තෝරා ගන්න.




Row Height - (පේලියක උස වෙනස් කිරීම)

ඒ සඳහා අවශ්‍ය Row එකක් හෝ කිහිපයක් ‍තෝරා ගන්න.
Home ——> Format ——> Row Height


Column Width – (තීරුවක පළල වෙනස් කිරීම)

පලළ වෙනස් කිරීමට අවශ්‍ය Cloumn එකක් හෝ කීපයක් ‍තෝරා ගන්න.
Home ——> Format ——> Column Width


Math Functions


Worksheet එකක් තුල ඇති Cells වල අන්තර්ගත කර ඇති සංඛ්‍යා භාවිතා කරමින් සිදු කරන ගණිතමය සුළු කිරීම් සඳහා මෙම Function භාවිතා කල යුතුයි.මෙවැනි අවස්ථාවකදී වල අඩංගු සංඛ්‍යා වලට අමතරව අප විසින් ලබාදෙන සංඛ්‍යාද මේ සඳහා භාවිතා කල හැකි වේ.

    1.   SQRT - cell එකක් තුල ඇති සංඛ්‍යා වර්ග මූලය ලබාගැනීම සඳහා
          =SQRT(වර්ග මූලය ලබාගැනීමට අවශ්‍ය cell එකෙහි ලිපිනය)
          උදා:-

2.   SUM - Cell Range එකක් තුල ඇති සංඛ්‍යාවන්ගේ එකතුව ලබාගැනීම සඳහා
      =SUM(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range)
          උදා:-


=SUM(A1:A6)



    
    3.   SUMIF - Cell Range එකක් තුල ඇති අප විසින් සඳහන් කරන සංඛ්‍යාවන්ගේ එකතුව පමණක්
          ලබා ගැනීම
          =SUMIF(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range “අප විසින් සඳහන් කරන සන්ඛ්‍යාව)
          උදා:-

  
උදා :- 1     =SUMIF(A1:A8,”=75”)
උදා :- 2    =SUMIF(A1:A8,”<=60”)


=SUMIF(A2:A5,”>50000”,B2:B5)Sum of the commission for property values over 160000(63,000)

    4.    POWER - Cells තුල ඇති හෝ අප විසින් දෙන ලද සංඛ්‍යාවන් භාවිතයෙන් එම සංඛ්‍යාවල
           බලය සෙවීම. 
           =POWER(සංඛ්‍යාව හෝ Cell Address, එම සංඛ්‍යවේ බලය)
           උදා :- 1          =POWER(A1,3)
           උදා :- 2          =POWER(5, 2)


Statistical Functions

    1.    AVERAGE - cells තුල ඇති සංඛ්‍යාවන්ගේ හෝ අප විසින් දෙන ලද සංඛ්‍යාවන්ගේ
           සාමාන්‍ය සෙවීම


=AVERAGE(Cell Range හෝ සාමාන්‍ය සෙවීමට)
=AVERAGE(A2:A6)




තවද MAX,MIN,COUNT යනාදී ලෙස Statistical Functions රාශියක් ඇත.


Logical Functions

Excel  තුල දක්නට ඇති තාර්කික ශ්‍රිත Logical Functions නමින් හැදින්වේ.මේවා භාවිතයෙන් ලබෙන පිලිතුර සත්‍ය හෝ අසත්‍ය වේ.

    1.    IF - යම් cell එකක ඇති දත්තයක් අප ලබාදෙන කොන්දේසි හෝ තත්වයන් වලට ගැලපේද?
           නොගැලපේදයන්න ඉතා පහසුවෙන් දැනගත හැකිය.
    =IF(අප විසින් ලබාදෙන කොන්දේසිය,සත්‍ය නම් ලැබිය යුතු ප්‍රකාශය,අසත්‍ය නම් ලැබිය යුතු  ප්‍රකාශය.)










=IF (A2>B2,"Over Budget","OK") checks whether the first row is over budget (over budget)
=IF (A3>B3, “Over Budget","OK") checks whether the second row is over budget (OK)

Date and Time Functions

    1.    DATE - (වර්ෂය,මාසය සහ දිනය ලබා දෙමින් Date Format සහිත දිනයක්  ලබාගත හැකිය.)
           =DATE(වර්ෂය,මාසය,දිනය)
           උදා :-       =Date(2000, 05, 06)


    2.    TODAY - අද දිනය ලබා ගැනීම සඳහා මෙම ශ්‍රිතය භාවිතා කල හැකිය.
           උදා :-       =Today ()


    3.    DATEVALUE - දිනයක් සතුව ඇති අගය ලබාගැනීම සඳහා භාවිතා කල හැක.
           =DATEVALUE("අගයක් ලබාගැනීමට අවශ්‍ය දිනය")
           උදා :-       =DATEVALUE("05/06/2000")
Read more
History of Computer

සියවස් ගනනාවකට ඉහතදී පමණ සිට මිනිසුන් ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යනය කළේය.එම නිසා පරිගණක ඉතිහාසය පහත දැක්වෙන පරිදි මාතෘකා 3 ක් යටතේ කතා කල හැක.

  1. Early computational devices
  2. Early computers
  3. Generation of computers

Early computational devices

මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යතාවයන් පැන නැගින.ක්‍රි.පූ.3000 කාලයේදී චීන වෙළඳුන් විසින් Abacus නැතිනම් ගනකරාමු මේ සඳහා යොදා ගැනින. මුල්කාලීන යන්ත්‍ර බොහොමයක් යාන්ත්‍රික වූ අතර ඒවා මිනිස් මැදිහත්කමින් ක්‍රියාත්මක කරන ලදී.

1642 දී තවත් මෙවැනිම උපකරණයක් වන Pascaline සාදන ලදී. මෙය ලොව ප්‍රථම ඝණක යන්ත්‍රය වේ. මීලග ඉතා වැදගත්ම සොයා ගැනීම වන්නේ Charles Babbage විසින් සොයා ගන්නා ලද Difference Engine සහ Analytical Engine ය.
Difference Engine

මෙම උපකරණ Electronic නොවූ අතර ඒවා ක්‍රියා කලේ steam engine මගිනි. Charles Babbage පරිගණකයේ මූලික කොටස් ඔහුගේ නිර්මානය හරහා එලි දැක්වූ අතර එබැවින් ඔහු “පරිගණකයේ පියා” ලෙස හදුන්වයි.

Early computers

1880 දී අමෙරිකානු සමීක්ශණ ගණනය කිරීම් වඩා වේගවත්ව කිරීම සඳහා Herman Hollerith විසින් “Tabulating Machine” නමින් වඩා වේගවත් ගණන යන්ත්‍රයක් නිපදවන ලදී.

Howard Icon – Automatic Sequence Controlled Calculator (Howard Mark I)

Mark I පරිගණකය, පරිගණක ක්‍රියාකරුවෙකු නොමැතිව විශාල ගණනය කිරීම් ස්වයංක්‍රීයව සිදුකල හැකි පළමු පරිගණකය විය. මෙම පරිගණකය ප්‍රමාණයෙන් ඉතා විශාල වූ අතර ඉතා සංකිරණ නිපැයුමක් විය. (කොටස් 800,000 කින් හා සැතපුම් 500 ක දිගින් යුතු මුලු රැහන් ප්‍රමාණයකින් සමන්විත විය.)

First Generation (පළමු පරම්පරාව) (1951-1958)
ENIAC

පරිගණක ඉතිහාසයේ පළමු පරමපරාවෙදී පරිගණක circuits සඳහා රික්ත කපාට (Vacuum tubes) memory සඳහා magnetic drums ද යොදා ගනිමින් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ විය.ඒවා ප්‍රමාණය අතින් ඉතා විශාල වූ අතර මිලෙන්ද අධික විය.තවද එම පරිගණක වල දෝෂ සහගත තත්වයන්ද අධික විය.

පළමු පරම්පරාවෙහි පරිගණක වරකදී එක් කාර්යක් පමණක් සිදු කල අතර ඒ සඳහා ඔවුන් machine language (ද්වීමය සංඛ්‍යා) නමැති ක්‍රමවේදය භාවිතා කරන ලදී.

පළමු විද්‍යුත් පරිගණකය - 1946 දී J.Presper Eckert හා John Mauchly, “ENIAC” (Electronic Numerical Integrator & Calculator) නම් වු පළමු විද්‍යුත් පරිගණකය රික්තක කපාට උපයොගී කරගෙන නිපදවන ලදි.


John Von Neumann විසින්, අභ‍යන්තර ගණනය කිරීම් සඳහා ද්වීමය සංඛයා පද්ධතියක් පිළිබඳව යෝජනා කරන ලදී.

Stored program සංකල්පය

1948 න් පසුව නිපදවන ලද සියලුම පරිගණක මෙම සංකල්පය 2 භාවිතා කරන ලදී.

Second Generation ( දෙවන පරම්පරාව ) (1953-1963)

1948 දී William Shockley, John Bardeen හා Walter Brattain විසින් ට්‍රන්සිස්ටරය නිපදවන ලදී.

මෙම කාලයේදී vacuum tubes වෙනුවට transistors යොදා පරිගණක නිර්මාණය ආරම්භ කෙරුණු අතර මෙය radio , TV වලටද යොදා ගැනුනි.මේවා ප්‍රමාණයෙන් කුඩා, වේගවත්, කාර්යක්ෂම electronic පරිගණක විය.

IBM සමාගම ලොව ප්‍රමුඛතම පරිගණක නිශ්පාදන සමාගම වු අතර IBM 1401 පරිගණකය දෙවන පරම්පරවේ මුල්ම පරිගණකයක් ලෙස දැක්විය හැක.

පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.
Third Generation (තෙවන පරම්පරාව )(1964-1979)


1960 දශකයේ මැද භාගයේ ආරම්භ වූ මෙම පරම්පරාවේ පරිගණක ඉතා කුඩා ඒවා සහ වේගවත් ඒවා විය.මෙම පරිගණක වල integrated circuits භාවිතා කිරීම සුවිශේෂී ලක්ෂණයක් විය.මෙතෙක් භාවිත කල punched card හා print-out වෙනුවට key-board, monitors වැනි පහසු ආදාන හා ප්‍රතිදාන උපාංග බිහි විය.


මෙහිදී පරිගණකය තත්පරයකට සිදු කරන ගණනය කිරීම් බිලියන ගණනින් වැඩිය.එම නිසා මෙම පරමපරාවේ බොහෝ පරිගණක විද්‍යාත්මක සහ ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට යොදාගන්නා ලදී. පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට සහ භාවිතය පහසු වීමට operating systems හඳුන්වා දෙන ලදී.

IBM –System 360, පරිගණකය තෙවන පරම්පරවේ පරිගණයකට උදාහරණයක් ලෙස නම්කල හැක.

නැවතත් නැවතත් පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.


Fourth Generation (සිවුවන පරම්පරාව ) (1979- වර්තමානය)


සිවුවන පරම්පරාවේ පරිගණක වල විශේෂිත වෙනස් වීමක් සිදු නොවූ අතර පරිගණක ප්‍රමාණයෙන් කුඩා වීම සහ වීගවත් වීම සිදු විය. එයට හේතුව වුයේ කුඩා පරිපත විශාල ප්‍රමාණයක් එකතු කර ඉතා කුඩා ඉඩක ස්ථාපිත කිරීමයි. එලෙස ස්ථාපිත කිරීමෙන් සෑදෙන ව්‍යුහය silicon chips (Microprocessor / chip)ලෙස හඳුන්වයි.

එය කුඩා නමුත් ඉතා විශාල පරිගණන හැකියාවකින් යුක්ත පරිගණකයක් විය.

1978 දී, පුද්ගලික පරිගණක හඳුන්වාදෙන ලදී.

මෙම පරම්පරාවේ පළමු පරිගණක mini computers ලෙස හඳුන්වන අතර පසුව ඒවා තවත් කුඩා බවට පත්විය.
Fifth Generation (පස්වන පරම්පරාව ) (අනාගතය )


මෙම පරම්පරාවේ පරිගණක විවිධ වූ ගවේෂණවල එකතුවක් ලෙස විග්‍රහ කල හැකිය.
  • Artificial Intelligence
  • Knowledge -based expert systems
  • Very high -level programming languages
  • Decentralized computing
  • Very large -scale integration technology (VLSI)
  • Machines are capable of reasoning and decision making the way human beings does.
  • Direct human computer interactions
  • Natural language will be understood by computers.
  • Ability to store knowledge

සරලව පැවසුවහොත්, මෙම පරිගණක බුද්ධිමත් පරිගණක වේ.
Read more